Tuesday, April 30, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානය අන්තවාදීන් ගැන තොරතුරු දෙන බව කියයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




සිය මව්රට අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම්වලින් මුදා ගැනීමට සිය ශාඛා ජාලයට ලැබෙන තොරතුරු ආරක්ෂක අංශ වෙත කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානය පවසනවා.

එහි සිංහල දේශක ටී. අහමඞ් පැවසුවේ එවැනි තොරතුරු කිහිපයක් බුද්ධි අංශ වෙත ලබා දීමට සිය සංවිධානය මීට පෙර කටයුතු කළ බවයි. 

ඉස්ලාමීය අන්තවාදී කි‍්‍රයාකාරකම් පරාජය කිරීමට මෙරට මුස්ලිම් ජනතාව ද ආරක්ෂක අංශ වෙත සහය ලබා දිය යුතු බවයි සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අක්රම් නුරාමිත් මවුලවිතුමන් පැවසුවේ.