Tuesday, April 30, 2024

General line - 0115112241

විල්පත්තු රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් - රක්ෂිතයට මායිම්ව පිහිටි ඇතැම් නිවාසවල පුද්ගලයින් නෑ

හේමන්ත කහවලගේ/ජයකාන්ත ලියනගේ




පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් විල්පත්තු රක්ෂිතයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට විල්පත්තු රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවයි ආරක්ෂක අංශ පැවසුවේ.

විල්පත්තු රක්ෂිතයට මායිම්ව පිහිටි නිවාස ද දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනවා. ඇතැම් නිවාසවල පුද්ගලයින් නොමැති බවයි පැවසෙන්නේ.  

මේ අතර මහනුවර, තලාතුඔය නාවික හමුදා කඳවුරට ඉහළින් පියාසර කෙරුණු ඩ්‍රෝන යානා 02ක් පිළිබඳව ද ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යානයක් පියාසර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා. මෙය නියමුවන් රහිත යානයක් බවටයි සැක පළව ඇත්තේ.  

මේ අතර ඩ්‍රෝන යානයක් උපයෝගී කර ගනිමින් හික්කඩුව තොටගමුව පාසල අසල මාර්ගය හා මුහුදු තීරය ඡායාරූප ගත කළ ඉන්දීය ජාතිකයෙකු මීටියාගොඩ පොලීසිය විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහරයෙන් පසු ආරක්ෂක හේතූන් මත මෙරට තුළ ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත සැහැල්ලූ ගුවන් යානා භාවිතය තහනම් කිරීමටයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගත්තේ.