Tuesday, April 30, 2024

General line - 0115112241

ත‍්‍රස්ත ප‍්‍රහාරය දේශපාලන වාසියක් වෙයිදැයි UN මානව හිමිකම් හිටපු මහකොමසාරිස් කියයි

හේමන්ත කහවලගේ/පවිත්‍රා මදුහර්ෂනි




පාස්කු ඉරිදා ශී‍්‍ර ලංකාවේ දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය දේශපාලන වාසියක් සේ භාවිත වනු ඇතිදැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් සැක පළ කරනවා.

සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ පව පවසා සිටියා. 

එමගින් හිටපු මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ අමිහිරි අතීතයක් සහිත ලස්සන රටක් වන ශ‍්‍රී ලංකාව තුළ අද වන විට කි‍්‍රස්තියානි ප‍්‍රජාවට එරෙහිව භයානක ලෙස බෝම්බ ප‍්‍රහාර එල්ල වී ඇති බවයි.

එහි සාක්ෂි සඳහා තවමත් බලා සිටින අතරතුර මෙය ඉදිරි මැතිවරණයන් සමග සම්බන්ධ වේද යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් සිය ට්විටර් පණිවුඩය හරහා ප‍්‍රකාශ කර තිබෙනවා.