Tuesday, April 30, 2024

General line - 0115112241

බුර්කාවට ප‍්‍රවාහන සංගම් රැසක විරෝධය - බස් සංගම් වෙනත් මතයක

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




පවතින ආරක්ෂිත තත්ත්වය සමග බුර්කාව තහනම් කිරීමේ යෝජනාව තමන්ද අනුමත කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. දුම්රියේ ගමන් කිරිමේදී බුර්කාව ඉවත් කර එහි ගමන් ගන්නා ලෙසයි එම සංගමය මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව සඳහන් කළා.

බුර්කාව පැළඳි කිසිඳු පුද්ගලයෙකු තී‍්‍ර රෝද රථවලට නංවා නොගන්නා ලෙසයි සමස්ත ලංකා තී‍්‍ර රෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් තී‍්‍ර රෝද රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටියේ.

බුර්කාව සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත තීන්දුවක් ගැනීමට නොහැකි බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ බස් රථවල ආරක්ෂාව වෙනුවෙන් මුස්ලිම් ජනතාවගෙන්ම මේ සඳහා යම් ප්‍රතිචාරයක් ලැබිය යුතු බවයි.

බුර්කාව තහනම් කළ යුතු බවට ඉකුත් දා පැවැති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ වුණා.