Thursday, May 2, 2024

General line - 0115112241

මාපලගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

නිශාන් ද සිල්වා




නාගොඩ, මාපලගම විද්‍යාතිලක පිරිවෙනේ විහාරාධිපති හිමියන් ඝාතනය කළ සැකකරු මීට නොබෝ වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වදුරඹ බස් නැවත-ම්පොල අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වදුරඹ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු වයස අවුරුදු 75 ක් වූ වදුරඹ, ලේල්වල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අදාළ විහාරස්ථානයේ ආවතේව කරමින් සිිටි ගිහි ගෝලයෙකු වන සැකකරු මුදල් ආරවුලක් මත සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාති‍්‍රයේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.