Thursday, May 2, 2024

General line - 0115112241

මුලතිව් සුඛෝපභෝගී හෝටලයක් අසළ තිබී හමුදා උපකරණ තොගයක් හමුවෙයි

මාධව කුලසූරිය -වවුනියාව




මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ ඉදිකෙරෙන සුඛෝපභෝගී හෝටලයක් තුල තිබී ආරක්ෂක අංශ විසින් භාවිතා කරන වෝකි ටෝකි නවයක් හා යුද හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් අද (01) සිදුකළ සෝදිසියකදී සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

යුද හමුදාව විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාල හෝටලය ඉදිවන ස්ථානයේ තිබී මෙම උපකරණ තොගය සොයාගෙන තිබේ.

සොයාගත් උපකරණ අතර දුරදක්නයක්  /සිම්පත් 11ක්/ ගමන් කථන සඳහා යොදන බැටරි / කිණිස්සක් හා  ආරක්ෂක අංශ විසින් පළදින සපත්තු බූට් යුගල් දෙකක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ එහි කිසිවෙකු සිට නොමැති බවද වාර්තාවෙයි.

විදේශ රටක සිටින පුද්ගලයකු විසින් මුදල් යොදවා මෙම හෝටලය ඉදිකරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.