Friday, May 17, 2024

General line - 0115112241

කොළඹ පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් වෙන් කෙරුණු රථ නැවතුම් ස්ථාන සියල්ල මෙතැනින්




කොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සැලසීම සඳහා අත්‍යාවශ්‍ය පියවරක් ලෙස එම පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන බස්, වෑන් සහ අනෙකුත් රථවාහන ගාල් කිරීම සඳහා රථ නැවතුම් ස්ථාන පොලීසිය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

මරදාන, පොලිස් වසමේ ඇති පාසල්වල සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන ගාල් කෙරෙන්නේ මරදාන ආනන්ද මාවතේ පිහිටි වයිට් පිටිය සහ මරදාන ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි කී‍්‍රඩාංගනයේයි. 

බොරැල්ල පොලිස් වසමේ පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන බොරැල්ල කැම්බල් කී‍්‍රඩාංගනයේ ගාල් කෙරෙනවා.

කුරුඳුවත්ත පොලිස් වසමේ පාසල්වල සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන ගාල් කෙරෙන්නේ එෆ්. ආර්. සේනානායක මාවත, කුමාරස්වාමි මාවත, මෙට්ලන්ඞ් පෙදෙස, ග්‍රෙගරි පාර, සී. ආර්. ඇන්ඞ්. එෆ්. සී. කී‍්‍රඩාංගනය ඉදිරිපිට, මලලසේකර මාවත සහ ස්ටැන්ලි ජෑන්ස් කී‍්‍රඩාංගනයේයි. 

කිරුළපන පොලිස් වසමේ පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන කිරුළපන ලලිත් ඇතුලත්මුදලි කී‍්‍රඩාංගනයේ ගාල් කෙරෙනවා.

නාරාහේන්පිට පොලිස් වසමේ පාසල්වල සිසුන් ප‍්‍රවාහන කරන රථ වාහන ගාල් කෙරෙන්නේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගනයේයි.

කොල්ලුපිටිය පොලිස් වසමේ පාසල්වල සිසුන් ප‍්‍රවාහනය කරන රථ වාහන මුහුදු මාවතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට බම්බලපිටිය දුම්රිය ස්ථානය දක්වා ගාල් කෙරෙනවා. 

බම්බලපිටිය සහ වැල්ලවත්ත යන පොලිස් වසම්වල පාසල්වල සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන බී. ආර්. සී. කී‍්‍රඩාංගනය, කුරේ කී‍්‍රඩාංගනය සහ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගනයේදී ගාල් කෙරෙනු ඇති. 

දෙමටගොඩ පොලිස් වසමේ පාසල්වල සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට ඇති ඉඩමේ ගාල් කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ. 

මෝදර පොලිස් වසමේ පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන සියලූ රථවාහන ගාල් කෙරෙන්නේ මට්ටක්කුලිය විස් වයිට් කී‍්‍රඩාංගනයේයි. 

කොටහේන පොලිස් වසමේ පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන රථවාහන මැල්වත්ත කී‍්‍රඩාංගනයේ සහ සුගතදාස කී‍්‍රඩාංගනය පිටුපස ඇති මැටිපාර්ක් කී‍්‍රඩාංගනයේ ගාල් කෙරෙනු ඇති. 

මාලිගාවත්ත පොලිස් වසමේ පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන මාලිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි සතොස රථ ගාලේ ගාල් කෙරෙනවා.

කෙසෙල්වත්ත පොලිස් වසමේ පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන සියලු රථවාහන සෝන්ඩස් පෙදෙසේ පිහිටි සෝන්ඩස් කී‍්‍රඩාංගනයේ ගාල් කිරීමට හැකි බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

කොළඹ පාසල්වල සිසුන් ප‍්‍රවාහනය කරන රථවාහන ගාල් කිරීම සඳහා පොලීසිය විසින් වෙන් කර ඇති කී‍්‍රඩාංගන සහ ස්ථාන ඇතුළත් සම්පූර්ණ ලේඛණය පහතින් දැක්වෙයි.