Thursday, May 2, 2024

General line - 0115112241

පාසල් කටයුතු ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇති : අධ්‍යාපන ඇමති කියයි

මහේෂ් චතුරංග




2019 දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් විවෘත කෙරුණු අද දරු දැරියන්ගේ පැමිණිම සාප්ක්ෂව අඩු මට්ටමක පැවැතියත් ඉතා ඉක්මනින් සියලු පාසල්වල අධ්‍යන කටයුතු යථා තත්වයට පත්වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විශ්වාසය පළ කරනවා. කොළඹින් බැහැර ඇතැම් පාසල් වල අද දිනයේද දරු දැරියන්ගේ සතුටුදායක පැමිණිමක් වාර්තා වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන්, අනධ්‍යන කාර්යය මණ්ඩලවලින් සහ මව්පියන්ගෙන් ලැබුණු සහය කෘතවේදීව අගය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පාසල්වල ආරක්ෂාව සඳහා ආරක්ෂ අංශ ලබාදෙන සහයද ගෞරවයෙන් සිහිපත් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

2019 දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් විවෘත කිරීම අදියර දෙකක් යටතේ සිදු කෙරෙනවා. පාසල් අද විවෘත කෙරුණේ 6 සිට 13 දක්වා වන ශ්‍රේණි සඳහායි. 1 සිට 5 දක්වා ශ්‍රේණි සඳහා ලබන 13 වෙනිදා පාසල් විවෘත කෙරෙනවා. මෙලෙස පාසල් විවෘත කිරීමට තීරණය කළේ ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත් තහවුරුවක් ද සහිතව බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේ.
පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් සැක මතුකරමින් ඇතැම් වෘත්තීය සමිති විසින් සිදු කරන ප්‍රකාශ දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව ද මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

මේ අතර කතෝලික පෞද්ගලික පාසල් ද ආරක්ෂාව තහවුරු කර කඩිනමින් යළි විවෘත කරන බව කොකොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ. තාවකාලිකව අත්හිටවු දේව මෙහෙයන් ද කඩිනමින් යළි ආරම්භ කළයුතු බව උන්වහන්සේ පැවසුවා.

කාදිනල් හිමිපාණන් මෙම කරුණු දැක්වූයේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.