Thursday, May 2, 2024

General line - 0115112241

රාජ්‍ය දේපල අවභාවිත කල හිටපු මන්ත්‍රිට සිවු වසරක සිර දඬුවමක් සහ මිලියන 5ක දඩයක්

අධිකරණ වාර්තාකරු




අග්‍රාමාතය කාර්යාලයට අයත් වාහනයක් තම මන්ත්‍රි ධූරය අහිමි වු පසු නැවත භාර නොදී අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරැදිකරු වූ ද්‍රවිඩ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පි.එච්. පියසේනට වසර හතරක සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කළා.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ  54 ක දඩයක් ද ගෙවීමට මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කරනු ලැබුවා. හිටපු මන්ත්‍රීවරයා ට එරෙහිව පොදු දේපල පනත යටතේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබුනා.

මොහු 2015 අගොස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වු පසුත් මෙම වාහනය නැවත භාර නොදී අවභාවිත කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර තිබුනා.