Sunday, April 28, 2024

General line - 0115112241

ආරක්‍ෂක අංශ සිදු කරන පරීක්‍ෂණ කටයුතුවල රූපරාමු මාධ්‍යවල පෙන්වීමෙන් ගැටලුවක්

හර්ෂිකා සංජීවනී




ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරන අවස්ථාවලදී මාධ්‍යවේදීන් හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක් ඒ සඳහා සහභාගී කර නොගන්නා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය සහ මෙහෙයවීමෙන් දිවයින පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් මේ වනවිට කි‍්‍රයාත්මකයි. ඒ යටතේ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන අතර නිවාස, පොදු ස්ථාන සහ රථ වාහන පරීක්‍ෂාවට ලක් කෙරෙනවා.

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ කටයුතුවල රූප රාමු මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් ඇතැම් අවස්ථාවල ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම්වලට කිසිදු සම්බන්ධයෙක් නොමැති පිරිස්ද ඊට සම්බන්ධ බවට සමාජය තුළ මතයක් ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙරට කි‍්‍රයාත්මක අන්තවාදී ත‍්‍රස්ත කි‍්‍රයා කෙටි කලකදී සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හැකි බව තමන්ට විශ්වාසයෙන් යුතුව ප‍්‍රකාශ කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

රට කඩිනමින් තිබුණු තත්ත්වයට පත් කිරීම සිය අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.