Monday, May 6, 2024

General line - 0115112241

අදත් සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක - ක‍්‍රමයෙන් වැඩිවනු ඇතැයි අධ්‍යාපන ඇමති බලාපොරොත්තුවෙන්




දෙවන පාසල් වාරයේ 3 වන දිනය වන අද දිනයේද සිසුන් පාසල් වෙත පැමිණීම අවම මට්ටමක පවතින බව විදුහල්පතිවරුන් පවසනවා.

ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ලේකම් පියසිරි ප‍්‍රනාන්දු පැවසුවේ ඊයේ දිනයට සාපේක්‍ෂව අද දිනයේ සිසුන්ගේ පැමිණීම අඩුවී ඇති බවයි.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළේ පාසල්වල ආරක්‍ෂාව සදහා ගතහැකි සෑම පියවරක්ම ගෙන ඇති බවයි. පාසල්වලට සිසුන්ගේ පැමිණීම ක‍්‍රමයෙන් වැඩිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශ්වාසයයි. 

ආරක්‍ෂක අංශද පැවසුවේ පාසල්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවයි.