Monday, May 6, 2024

General line - 0115112241

තඹ කම්හලේ සේවකයන්ට ඇප දීම ගැන විමර්ශනයක්

ඩිල්ෂාන් මඩවල




පාස්කු ඉරිදා ප‍්‍රහාරයට බෝම්බ නිපදවූ බව කියන තඹ කර්මාන්ත ශාලාවේ සිට අත්අඩංගුවට ගැණුනු සේවකයින් ඇප මත මුදා හැරීමට සිදු වූයේ පොලිස් නිලධාරීන්ගේ වරදකින්දැයි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිලධාරීන් විසින් යම් වරදක් සිදු කර ඇතැයි එහිදී තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ. 

අදාළ තඹ කර්මාන්තශාලාවේ සිට සේවකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ඔවුන් ඇප මත මුදා හැරුණේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය පෙරේදා ලබාදුන් නියෝගයක් අනුවයි.

එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලිසිය ප‍්‍රමාණවත් හේතු ඉදිරිපත් කර නොතිබුණු බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.