Monday, May 6, 2024

General line - 0115112241

පාසල් පැමිණීමට සිසුන් අධෛර්ය කරන විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට එරෙහිව විනය පියවර

ඩිල්ෂාන් මඩවල




දරු දැරියන් පාසල් පැමිණීම අධෛර්ය වන පරිදි කටයුතු කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දරු දැරියන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. 

පාසල් කටයුතු අඩාල වන පරිදි ප‍්‍රකාශ සිදු කරන සෙසු පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් ද දැඩි පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එවැනි පුද්ගලයින් සහ කණ්ඩායම් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.  

සියලූ පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇතැයි ද පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇතැයි ද මෙම`ගින් සිහිපත් කර තිබෙනවා. 

2019 දෙවන අධ්‍යයන වාරය වෙනුවෙන් 06 සිට 13 දක්වා ශ්‍රේණි සදහා පාසල් විවෘත කෙරුණේ ඉකුත් සදුදායි. කෙසේවෙතත් සදුදා සහ ඊයේ මෙන්ම අද දිනයේ ද බොහෝ පාසල්වල දරු දැරියන් පැමිණ සිටියේ අඩු සංඛ්‍යාවක් බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. 01 සිට 05 දක්වා ශ්‍රේණි වෙනුවෙන් ලබන සදුදා පාසල් විවෘත කිරීමට නියමිතයි.