Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම්

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වැනි අන්තවාදී කි‍්‍රයා යළි සිදු නොවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම කැපකිරීමක් සිදු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.  

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අතර ඊයේ (11) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.  

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සියලු වාදභේද, පක්ෂ, ආගම් භේද අමතක කර අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ද මෙහිදි අදහස් දැක්වුවා.

ඔහු කියා සිටියේ ජාතීන් වශයෙන් පක්ෂ පැවතිය යුතු නැත යන්න සහ පාසල් පිළිබඳව වෙනම වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි යන්න පිළිබඳවත් අගරදගුරු හිමියන් සමග සාකච්ඡා කළ බවයි. එහිදී අගරදගුරු හිමියන් ඊට සාධනීය ප්‍රතිචාර දැක්වූ බවත් සඳහන් කළා. 

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.