Saturday, September 21, 2024

General line - 0115112241

සම්මුතිවාදී ආණ්ඩුව වසර පහම ඉදිරියට




කුමන්ත‍්‍රණවලින් වත්මන් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඉදිරි වසර 5 ක කාලය තුළදීම සම්මුතිවාදී ආණ්ඩුව තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අද (30) පැවති නිල මෙහෙවර ජාතික ජංගම සේවාවේ සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

පසුගිය ආණ්ඩුව ඇසිය යුතුව තිබූ බැනුම් තමන්ට සහ වත්මන් ආණ්ඩුවට ඇසීමට සිදුව ඇති බවද මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදි කියාසිටියා.

ඇතමුන්ගේ පා ගමන් කළකම් පළදීමක් බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මෙම අවස්ථාව එක්ව සිටියා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධාන කළ මෙම වැඩසටහන මාසයක කාලයක් පුරා කි‍්‍රයාත්මක කෙරුණා.

මෙහිදී පොළොන්නරුව දිස්ති‍්‍රක් ජනතාවගේ ගැටළු හතලිස් හතර දහසක් පමණ ලැබී තිබූ අතර ඒවායින් හතලිස් දහසකට පමණ විසදුම්දීමට හැකි වී තිබෙනවා.

මෙම වැඩසටහනට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදුන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.