Wednesday, May 1, 2024

General line - 0115112241

සැකකටයුතු ලෙස වත්කම් ඉපැයු කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට




සැක සහිත ආකාරයට වත්කම් උපයා ගනු ලැබු බව කියන තොරතුරකට අනුව කුරුණෑගල පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාල වෛද්‍යවරයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නම් මෙම 42 හැවිරිදි වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ සේවය කරනු ලබන අතර දැනට සිදුකරනු ලබන විමර්ශන වලට ආදාලව ඔහුව පොලිසිය විසින් ඊයේ (24) රාත්‍රියේදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෛද්‍යවරයා සතු වත්කම් සම්බන්ධයෙන් සහ එම වත්කම් කෙසේ ලැබුනේද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශන සිදුකරනු ලබයි.