Thursday, May 2, 2024

General line - 0115112241

"අම්මාවරුන් වඳ කරලා තියෙනවා නම් එල්ලලා මරන්න ඕනේ" - මරික්කාර්

මහේෂ් චතුරංග




රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපතිවරයා සතු වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

අමාත්‍යවරයාට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඔහුට දඬුවම් පැමිණවීම වෙනුවට විශ්වාසභංගයකින් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සුදුසු නොවන බවයි එස්. එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. ඔහු ප‍්‍රකාශ කළේ අදාළ වෛද්‍යවරයා එවැනි වරදක් සිදුකර ඇත්නම් ඔහු එල්ලා මැරිය යුතු බවයි. 

එහිදී "එයා සිසේරියන් සැත්කම් කරලා අම්මාවරුන් වඳ කරලා තියෙනවා නම් එල්ලලා මරන්න ඕනේ" යනුවෙන් සඳහන් කළා.