Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකන් - මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ කාලය දිගුවෙයි




ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. ඒ අනුව කොමිසමේ කාලය ලබන ජුනි මස 30වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ. 

2006 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා මෙම කොමිසම පත් කරනු ලැබුවා.