Thursday, May 2, 2024

General line - 0115112241

ඇතැම් පාසල්වල ආරක්ෂාවට මව්පියන් විතරයි ලු

නිශාන් ද සිල්වා




ග‍්‍රාමීය ප‍්‍රදේශවල පිහිටි පාසල්වල ආරක්ෂාව සඳහා ආරක්ෂිත වැටක් හෝ තාප්පයක් ඉදිකරන ලෙසට අධ්‍යාපන වෘත්තීය සමිති ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එසේ නොකර මව්පියන් පමණක් පාසල්වල ආරක්ෂාවට යෙදවූ පමණින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීම ගැටළු සහගත වන බවයි.

එබැවින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාසල්වල ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කළ යුතු බව අධ්‍යාපන වෘත්තීය සමිතිවල අදහසයි. ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප‍්‍රනාන්දු මේ බව සඳහන් කළා. 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ද මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ "සීසීටීවී කැමරා, විදුලි බල්බ, ආරක්ෂක උපකරණ ගැනීම් වගේම වටේ තාප්ප නැති පාසල්වල තාප්ප දැමීම..මේ සියල්ල දෙමව්පියන් මත පටවන තත්ත්වයක් තමයි තියෙන්නේ." යනුවෙනි. 

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් වන බැවින් එය මව්පියන් මතම පැටවීම සුදුසු නොවන බවයි. 

මේ අතර ඇතැම් පාසල්වල ආරක්ෂාව සඳහා මව්පියන් පමණක් යොදා ඇති බවට ද වාර්තා වුණා. නෙත් නිවුස් ඇමතු මව්පියන් පැවසුවේ එම පාසල්වල ආරක්ෂාවට එක් පොලිස් නිලධාරියෙකු හෝ යොදා නොමැති බවයි.