Wednesday, May 1, 2024

General line - 0115112241

අනුරාධපුර මහ නගර සභාවේ කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

උපාලි ආනන්ද




අනුරාධපුර මහ නගර සභාව මඟින් කීරික්කුළම කසල අංගනයට කැළි කසල බැහැර කරනු ලබන්නේ මහජන සෞඛ්‍යයට අහිතකර ආකාරයට බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න අද (28) තීන්දු කළා. ඒ අනුව මහජන සෞඛ්‍යයට අහිතකර අන්දමින් එම කසල අංගනයට කසල බැහැර කිරීම වහාම අත්හිටුවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කීරික්කුළම කසල අංගනයේ සහ ඒ අවට තැන තැන දමා ඇති කැළි කසල එම ස්ථානවලින් ඉවත් කර ගන්නා ලෙසටත් ජල පෝෂක ප්‍රදේශවලට සිදුවන හානිය වළක්වා ගත යුතු බවටත් වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ කීරික්කුළම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.