Thursday, May 9, 2024

General line - 0115112241

සත්‍යග්‍රහයක නිරත රතන හිමියන් කතා කරයි

චන්දන උඩුවාවල/කමල් සුරවීර




පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ‍්‍රි දළදා මාලිගය ඉදිරිපිට මේවනවිට සත්‍යක‍්‍රියාවක නිරත වී සිටිනවා. 

උන්වහ්නසේ පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම ධූරයන්ගෙන් ඉවත් කරන ලෙස බලකරමින් මෙම සත්‍යකි‍්‍රයාව සිදු කරන බවයි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ට විරෝධය පළ කරමින් හික්කඩුව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ශ‍්‍රි  ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද පාගමනක නිරත වුණා. හික්කඩුව බස්නැවතුම්පල ඉදිරිපිට ඔවුන් උද්ඝෝෂණයක ද නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.