Wednesday, May 1, 2024

General line - 0115112241

අවිශ්ක අවිනිශ්චිතයි : ඉසුරු උදාන නවසීලන්තයට එරෙහිව අද තරග බිමට - දිමුත් කරුණාරත්න (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එංගලන්තයේ කාඩිෆ් හිදී අද (01) පැවැත්වීමට නියමිතයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමගයි.

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරගයේ ආරම්භක පිතිකරු ලෙස ලහිරු තිරිමාන්න ක්‍රීඩා කිරීමට නියමිත බවයි නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ. අවිශ්ක ප්‍රනාන්දු නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි ශ්‍රී ලංකා නායකයා මෙහිදී සදහන් කර සිටියේ. ස්කොට්ලන්තය සමග පැවති දෙවන එක්දින තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්වූවා. කෙසේ වුවත් ඔහුගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරී ඇති බවයි දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ.

මේ අතර අබාධයකට ලක්වු ඉසුරු උදාන නවසිලන්තය සමග පැවති තරගයේදී ක්‍රීඩා කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කර සිටියේ. 

නායකයා ලෙස තරගය ආරම්භයේදී තමන්ට පීඩනයක් ඇති වුවත්, මිට පෙර නායකත්වය දැරූ ක්‍රීඩකයින් සිව්දෙනෙක් කණ්ඩායමේ සිටින බැවින් ඔවුන්ගේ සහය ඇතිව තමන්ට විශාල පිඩනයකින් තොරව ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බවයි දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා තරග 10ක් පවත්වා ඇති අතර එහිදී තරග 06ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙන අතර තරග 4ක් නවසීලන්තය විසින් ජයගෙන තිබෙනවා.