Wednesday, May 8, 2024

General line - 0115112241

සාෆිට එරෙහි පැමිණිලි 400 ඉක්මවයි - විශේෂ කමිටුවක් පත් කරන්නැයි ඉල්ලීමක්

දිල්ෂාන් තුෂාර




සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණය කළ බවට චෝදනා එල්ල වී සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විශේෂ මණ්ඩලයක් පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් යළි ඉල්ලා සිටින බව කුරුණෑගල රෝහල සුරැුකීමේ සංවිධානය පවසනවා. 

එහි සාමාජික කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක පැවසුවේ එම ඉල්ලීම ඉටු නොවුණහොත් ලබන සතිය තුළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බවයි.

මේ අතර සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් අද දිනයේද කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි 40 ක් ලැබී තිබෙනවා. ඒ අනුව සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගණන 400 ඉක්මවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.