Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක කුසලාන‍යේ මුල්ම වරට පිටියට පිවිසීමට ශ්‍රී ලංකාව සුදානම්

සමන්ත කුමාර/ කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය කාර්ඩිෆ් හිදි අද පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි. මෙරට වේලාවෙන් පස්වරු 3ට පමණ එම තරගය ආරම්භ වීමට නියමිතයි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා ලෝක කුසලාන තරග 10 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 6 ක් ජයගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. නවසීලන්තය අනෙක් තරග 4 ජයගෙන තිබෙනවා. ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම 4 වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව පසුවන්නේ 9 වන ස්ථානයේයි.

මේ අතර මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන කණ්ඩායම් අතරින් වැඩිම වයස් සාමාන්‍යයක් ඇති කණ්ඩායම ශී‍්‍ර ලංකාවයි. අද තරගය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න කාර්ඩිෆ්හි පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

එංගලන්තයේ පවතින කාලගුණයෙන් එල්ල විය හැකි අභියෝගයන්ටද මුහුණදීමට සිය කණ්ඩායම සූදානම් බවයි නායක දිමුත් කරුණාරත්න වැඩිදුරටත් කියාසිටියේ.