Friday, May 10, 2024

General line - 0115112241

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා මුහුදු තීරය භාවිතා කිරීමේදී සැළකිලිමත් වන්න




කලු තෙල් තට්ටුවක් ගොඩ ගැසීම හේතුවෙන් වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වන වෙරළ තීරය භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කිලෝ මීටරයක් පමණ ප‍්‍රදේශයක මෙම තෙල් තට්ටුව පැතිරී ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.

අද (02) පෙරවරුවේ එම මුහුදු තීරවල උදෑසන ව්‍යායාම සඳහා පැමිණි බොහෝ දෙනෙකු මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්වුණා. කලු තෙල් තට්ටුවක් ගොඩගැසීම සම්බන්ධයෙන් අදාළ මුහුදු ප‍්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ.