Saturday, September 21, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්




ඕස්ටේ‍්‍රලියාව සමග පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සුබ පැතුම් පළ කර තිබෙනවා.

අද (30) පස්වරුවේ දුරකථනයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇමතූ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුබ පැතූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස්ගේ සහ පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූ රංගන හේරත්ගේ දක්‍ෂතා එහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

වසර 17 කට පසු ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් කි‍්‍රකට් තරගයක් ජයග‍්‍රහණය කරමින් මාතෘ භූමියට දුන් ගෞරවය වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිය ස්තුතිය පුද කරන බවද ජනාධිපතිවරයා ඇන්ජලෝ මැතිව්ස් වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.