Tuesday, May 7, 2024

General line - 0115112241

රතන හිමිගේ ඉල්ලීම්වලට සහාය පළ කරමින් මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් වර්ජනයක් අරඹයි

ටෝනි කරුණානායක/සැම්සන් ප්‍රේමසිරි




උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට සහායෝගය පළ කරමින් මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට මීගමුව නගරයේ ත්‍රීරෝද රථ ද සහාය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් මීගමුව නගරයේ මගීන් රැසක් අපහසුතාවයට පත්ව ඇති බවත් සඳහන්.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙන්ම ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉවත් කිරීම රතන හිමියන් ආරම්භ කළ උපවාසයේ ප‍්‍රමුඛ ඉල්ලීම් 03යි.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් කලුතර පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් ද බස් ධාවනයෙන් ඉවත් වී තිබෙනවා. 

කලුතර කොළඹ පෞද්ගලික බස් රථ කිසිවක් මේ වනවිට ධාවනය නොවන බව නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ කළා. 

ඇතැම් දුර ගමන් සේවා බස්රථ ද කලුතරට පමණක් ධාවනය වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. රතන හිමියන්ට සහය පළ කරමින් බස්රථ සේවකයින් කලුතර බස් නැවතුම්පලේ හා ඒ අවට ප‍්‍රදේශයේ විවිධ පුවරු ද ප‍්‍රදර්ශනය කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.