Saturday, May 11, 2024

General line - 0115112241

මුස්ලිම් අමාත්‍යවරුන් තීන්දුවක් ගන්න සුදානම් වෙයි

දිනුක් හේවාවිතාරණ




රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වනවා. මේ අතර රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවයි අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ. 

මේ අතර අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සදහන්.