Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාවට දීර්ඝ විවේකයක්

කසුන් කැලුම්




‍මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හැම කණ්ඩායමක්ම මේ දක්වා තරගයක් හෝ දෙකක් ක්‍රීඩා කර තිබෙන අතර ඉන්දීය පිල තවමත් එක් තරගයකට හෝ සහභාගි නොවීම පිළිබද කතාබහක් මතුව තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට තරග දෙකකට ක්‍රීඩා කර ඇති අතර ඉන්දියාව හැර අනෙක් සියලු කණ්ඩායමක් එක් තරගය බැගින් ක්‍රීඩා කර තිබෙනවා. 

සත්කාරක එංගලන්තය සහ පාකිස්තානය අද (03) සහභාගි වන්නේ සිය දෙවන තරගයටයි. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය හෙට (04) සිය දෙවන තරගයට සහභාගි වනවා. ඉන්දීය පිල සිය මංගල තරගයට සහභාගිවන්නේ ලෝක කුසලානය ආරම්භ වී දින 7කට පසුව වීමද විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා කණ්ඩායම් ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව පහතින් දැක්වේ.

දකුණු අප්‍රිකාව තරග 02
එංගලන්තය තරග 02
පකිස්ථානය තරග 02
ඇෆ්ගනිස්ථානය තරග 01
ඕස්ට්‍රේලියාව  තරග 01
බටහිර ඉන්දිය කොදෙව්  තරග 01
නවසීලන්තය  තරග 01
බංග්ලාදේශය තරග 01
ශ්‍රී ලංකාව  තරග 01