Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද තරග බිමට

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය කාඩිෆ් හිදි අද (04) පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවයි.

දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වනු ඇති. දෙපිලම මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරග පරාජයට පත් වුණා.

ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියක එකිනෙකා මුණගැසෙන දෙවන අවස්ථාව මෙයයි. 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී දෙපිලම පළමු වරට එකිනෙකා තරග වැදුනු අතර එම තරගය කඩුලූ 4කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. 

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (03) පැවති තරගයේදී ප‍්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 14කින් පරාජය කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 348ක් රැස් කළා. 

එම ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 338ක් පමණයි. 

ජෝ රූට් සහ ජොස් බට්ලර් එංගලන්තය  වෙනුවෙන් ශතක වාර්තා කළද සෙසු පිතිකරුවන්ට එංගලන්ත පිල ජයග‍්‍රාහී සීමාව කරා රැගෙන යාමට නොහැකි වීම විශේෂත්වයක්. ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනෙකු ශතක වාර්තා කර තරගයක් පරාජය වූ පළමු කණ්ඩායම ලෙසටයි එංගලන්ත පිල ඊයේ වාර්තා පොත් අතරට එක් වූයේ. මේ අතර පාකිස්තානය ඊයේ ලද මෙම ජයග‍්‍රහණයට එරට අගමැති ඉම්රාන් ඛාන්ද සිය ට්විටර් ගිණුම හරහා සුබ පැතුම් එක් කළා.