Thursday, May 2, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිවුස් යළි අසාර්ථක වෙයි

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය කාඩිෆ්හිදී දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 29 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටියා. 

කුසල් ජනිත් සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම කැපී පෙනුනා. ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිවුස් එක පන්දුවාරයක් තුළ දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 2 කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිවුස් හා ධනංජය සිල්වා ලකුණු නොලබා දැවී ගියා. තිසර පෙරේරා ලකුණු 02කට දුවද්දී දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙන්නේ කුසල් ජනිත් සහ ඉසුරු උදානයි.  කුසල් ජනිත් පෙරේරා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 76 ක්.  

........................................................

කුසල් ජනිත්ගෙන් සහ දිමුත්ගෙන් වේගවත් ආරම්භයක්

(04-06-2019 16:11)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය අතර තරගය කාඞ්ෆ්හිදී දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 13 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී  ලකුණු 92 ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න සමගින් අද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් පෙරේරායි. ඔවුන් දෙදෙනා වේගවත් ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා. නොදැවී පන්දුවට පහර දෙන කුසල් ජනිත් පෙරේරා ලකුණු 43 ක් ලබා සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 30 ක් ලබා සිටියදී මීට සුළු මොහොතකට පෙර දැවී ගියා.

.....................................................

ජීවන් මෙන්ඩිස් වෙනුවට නුවන් එයි 

(04-06-2019 14:57)

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද (04) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ඒ අනුව ඇෆ්ගනිස්ථාන නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරන ලදී.

පසුගියදා පැවති නවසීලන්ත තරගයට ක්‍රීඩා කරනු ලැබූ ජීවන් මෙන්ඩිස් වෙනුවට නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.