Thursday, May 2, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා - පාකිස්තාන තරගයට වර්ෂාවෙන් බාධා.




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර බි‍්‍රස්ටල්හිදී අද පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. 

තවමත් එම ප‍්‍රදේශයට වැසි පතිත වන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමද ප‍්‍රමාද වී තිබෙනවා. එරට කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරන්නේ තරගය පැවැත්වෙන බි‍්‍රස්ටල් කි‍්‍රඩාංගණය අවට ප‍්‍රදේශයට අද දිනයේ වැසි ඇදහැලීමේ ප‍්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවයි. 

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය මේ දක්වා මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී තරග දෙකකට සහභාගිවී ඉන් එක් තරගය බැගින් ජය ගැනීමට සමත්වී තිබෙනවා.