Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අතහැර දැමේ

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. 

තරගය පැවැත්වීමට නියමිතව තිබූ බි‍්‍රස්ටල් කී‍්‍රඩාංගණය සහ ඒ අවට ප‍්‍රදේශයට අද උදෑසන සිට වැසි පතිත වුණා. පිටියේ පවතින තෙත බරිත තත්ත්වය හේතුවෙන් තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ. 

ඒ අනුව දෙපිළටම මෙහිදී එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. එම ප‍්‍රසාද ලකුණත් සමග ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා එම සටහනේ පසුවන්නේ 3 වන ස්ථානයේයි.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළග තරගය ලබන 11 වනදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනු ඇති.