Saturday, May 18, 2024

General line - 0115112241

බදියුදීන්ගේ ජාතිවාදී පත්වීම් ගැන රතන හිමිගෙන් ප‍්‍රකාශයක්

මාධව කුලසූරිය/සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් සිදු කෙරුණු වංචා සහ දූෂණ ගණනාවක් දැන් අනාවරණ වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ වව්නියාවේ අද පැවැති ජන හමුවකදීයි. 

රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීමේදී ද, රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා දූෂිතව කි‍්‍රයාකර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

තමන් වහන්සේ මෙලෙස වව්නියාවට පැමිණීයේද හින්දු, බෞද්ධ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ අදහසින් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.