Monday, April 29, 2024

General line - 0115112241

ජනමතවිචාරණ සූදානමක් ගැන පොහොට්ටුව හෙළි කරයි

හර්ෂිකා සංජීවනී




ඉදිරියේදී ජනමතවිචාරණයක් පැවැත්වීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුද, නැද්ද යන්න සම්බන්ධයෙන් එම ජනමතවිචාරණය පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇති බවයි. 

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.