Thursday, May 2, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රිගේ පුතෙක් පහරදී ඇමති ආරක්ෂක පොලිස් නිලධාරියෙක් රෝහලේ




පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකරගේ පුත්‍රයෙකු පහරදීමෙන් පොලිස් නිළධාරියෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ (29) රාත්‍රි 8.45 පමණ මෙම සිද්ධිය ඇති වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර  ( 60990 ) නමැති පොලිස් නිලධාරියායි. 

පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා රෝහලට ඇතුළත් වීමට පෙර හලාවත පොලිසියට මේ පිලිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ. මන්ත්‍රිවරයාගේ පුතා පොල්ලකින් පහරදී ඇති බවත් වාර්තා වෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකර ද හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

හලාවත පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂණ වසන්ත හේරත්ගේ උපදෙස් පරිදි හලාවත පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.