Friday, September 13, 2024

General line - 0115112241

රුධිර පරීක්ෂණ පුද්ගලික තැන්වලට යොමු කිරීම තහනම් කෙරෙයි




රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන් රුධිර පරීක්‍ෂණ සඳහා පෞද්ගලික ආයතන වෙත යොමු කිරීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන් නතර කරන බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසනවා.

ඒ අනුව 2017 ජනවාරි මස 01 සිට තහනම ක්‍රියාත්මක කෙරෙනවා. 2017 ජනවාරි 01 සිට සියළුම රජයේ රෝහල්වලින් ලේ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත් ඒ සඳහා සියළුම රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත‍්‍ර ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.