Monday, May 6, 2024

General line - 0115112241

මරණ දඩුවමට එරෙහි පෙත්සමේ වැඩිදුර විභාගය හෙටට කල් යයි

අධිකරණ වාර්තාකරු




මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර විභාගය හෙටට කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා සහ අචල  වෙංගප්පූලි යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවු අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප‍්‍රකාශ කළේ මෙම පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණයක් නොවන බවයි.

මරණ ද`ඩුවම ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය පමණක් සිය සේවාදායකයා විසින් අභියෝගයට ලක්කරන බව පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක්, බන්ධනාගාර කොමසාරිස්වරයා හා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත්තේ මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න විසින්.