Monday, May 6, 2024

General line - 0115112241

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ලබන 09වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පූජිත් ජයසුන්දර නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටියදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනු අතර හේමසිරි ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගැණුනේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී සිටියදීයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ. ඒ, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වූ රෝහල් වෙත ඊයේ පස්වරුවේ පැමිණීමෙන් පසුවයි. 

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අදාළව ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි ඔවුන්ට දැනුම් දී තිබුණේ. කෙසේවෙතත් හෘදයාබාධ හේතුවෙන් ඔවුන් දෙදෙනාම රෝහල්ගත වී තිබුණා.