Monday, May 6, 2024

General line - 0115112241

නවසීලන්තයට 306ක ඉලක්කයක්

තරංග රුක්ෂාන්




ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවැත්වෙන තීරණාත්මක තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලූ 08කට ලකුණු 305ක් රැස් කළා.

එහිදී ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 106ක් සහ ජේසන් රෝයි ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා. ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 19ක් තුළ ලකුණු 123ක සබදතාවක් ගොඩනැගුණද එම ලකුණු වේගය අඛණ්ඩව පවත්වාගෙන යාමට මැදපෙළ පිතිකරුවන්ට හැකි වුයේ නැහැ.

ඒ අනුව ලකුණු 340 සීමාව පසුකර යනු ඇතැයි පළමුවෙන් පළ වී තිබූ අනාවැකි බිද දැමීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකි වුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේම්ස් නීසන්, මැට් හෙන්රි සහ ටෙ‍්‍රන්ට් බෝල්ට් කඩුලූ 02 බැගින් බිද හෙළුවා. ලෝක කුසලානයේ අවසන් තරගයට පිවිසීමට නම් එංගලන්තය මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි.