Thursday, May 2, 2024

General line - 0115112241

කුඩු සියාම්ගේ මරණ දඩුවම අභියාචනාධිකරණය තහවුරු කරයි




මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඞ් සමූන් මොහොමඞ් සියම් නොහොත් කුඩු සියාම් නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දුන් මරණ දණ්ඩණය අභියාචනාධිකරණය විසින් අද තහවුරු කරනු ලැබුවා. එමෙන්ම ඔහුගේ බිරිඳ වන මුර්ශිදා සියාම් නැමැත්තියට ලබා දුන් ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමද අභියාචනාධිකරණය අද තහවුරු කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

ඒ, විත්තිකරුවන් විසින් 2007 වර්ෂයේදී කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගයකට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමේ නියෝගය ප‍්‍රකාශයට පත් කරමින්.

2003 වර්ෂයේ නොවැම්බර් මස 28 දා කොළඹ, වෝඞ් පෙදෙසේ පිහිටි නිවසේදී විත්තිකරුවන් හෙරොයින් කිලෝග‍්‍රෑම් 23 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේවෙතත් ශුද්ධ හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 9 සන්තකයේ තබා ගැනීමට අදාළවයි විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කර ඇත්තේ.