Thursday, May 2, 2024

General line - 0115112241

සීගිරියට යාබද ප‍්‍රදේශයක අනවසර කැණීම් කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට




සීගිරිය, තල්කොටේ, සියඹලන්කොරටුවයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් කැණීම් සිදුකළ පුද්ගලයන් 5 දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 8 ක් පළලට සැකකරුවන් විසින් අනවසරයෙන් කැණීම් සිදුකර ඇති බවයි නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

කැණීම් සදහා යොදාගත් උපකරණ රැුසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය සහ සීගිරිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.