Tuesday, May 7, 2024

General line - 0115112241

විනිසුරු ඉලංචේලියන්ට බලපෑම්

හේමන්ත කහවලගේ




ති‍්‍රකුණාමලය මහාධිකරණ විනිසුරු මානික්වසාගර් ඉලංචේලියන්ට විවිධ පාර්ශවවලින් බලපෑම් එල්ල වන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඔහු යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ සමයේ සිය ආරක්‍ෂාවට සිටියදී වෙඩි ප‍්‍රහාරයට ලක්ව මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයන්ට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ. 

යාපනය නල්ලූර් කෝවිල අසලදී මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ යාපනය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු මානික්වසාගර් ඉලංචේලියන් ඉලක්ක කරමින්. කෙසේවෙතත් මෙම වෙඩි තැබීමෙන් මියගිය උප පොලිස් පරීක්‍ෂක සරත් හේමචන්ද්‍ර යාපනය හිටපු මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්‍ෂකයෙකු ලෙස වසර 15 ක සිට සේවය කර තිබෙනවා. 

සිය ආරක්‍ෂාවට සිටි මෙම පොලිස් නිලධාරියා මියයාමත් සමග ඔහුගේ නිවසද රුපියල් මිලියන දෙකක් වැය කර අලූත්වැඩියා කිරීමට යාපනය හිටපු මහාධිකරණ විනිසුරු මානික්වසාගර් ඉලංචේලියන් කටයුතු කළා. මෙම නිලධාරියාගේ දියණියගේ සහ පුත‍්‍රයාගේ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය සියළු වියදම් මේ දක්වා දරන්නේද යාපනය හිටපු මහාධිකරණ විනිසුරු මානික්වසාගර් ඉලංචේලියන් විසින්. ඔහු සිදුකරන මෙම සත්කාරයන්ට ඇතමුන් විරුද්ධ බවයි වාර්තා වන්නේ.