Monday, May 6, 2024

General line - 0115112241

අගමැතිගෙන් එජාප සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දීමක්

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අද (11) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතා දැනුම් දී තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සියලූ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවටයි අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. 

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. එහි ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් මන්තී‍්‍රවරුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන සාකච්ඡාවලදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ඔවුන් කියා සිටියේ.