Friday, May 10, 2024

General line - 0115112241

බොරැලැස්ගමුවේ උපන්දින සාදයේ මත්ද්‍රව්‍ය : 09 දෙනෙකු අත්අඩංගුවේ




බොරැලැස්ගමුව ප්‍රදේශයේ නිවසක පැවැත්වෙමින් තිබු උපන්දින සාදයක් වටලා කුෂ් සහ අයිස් නම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් හා සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද (13) අළුයම සමත්ව තිබෙනවා.

බොරැලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසක පැවැත්වෙමින් තිබු එම නිවසේ තිබී කුෂ් නැමති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 45ක්, අයිස් නම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 05ක්, විදෙස් සිගරට් 63ක් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා උපයෝගී කර ගන්නා නවීන පන්නයේ උපකරණ 04ක් සමග සැකකරුවන් 06 දෙනෙක් සහ සැකකාරියන් 03 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ සැකකාරියන්ව අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාදය පැවැත්වූ පුද්ගලයා සහ එම සාදය පැවැත්වූ නිවසේ හිමිකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අනෙක් සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරියන් තිදෙනා ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබෙනවා.