Friday, May 10, 2024

General line - 0115112241

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා තේරීම් කාරක සභාව හමුවට කැදවීම ගැන පාර්ශව රැසකින් විරෝධය

කසුන් කැලුම්




පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්දන කැදවීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් විරෝධය පළ කරනවා. අද (13) පැවැති මාධ්‍ය හමු කිහිපයකදීද මේ පිළිබඳව අදහස් පළ කෙරුණා.

මේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ඉත්තෑක්නදේ සද්ධාතිස්ස හිමි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා තේරිම් කාරක සභාව හමුවට කැදවීම  සම්බන්ධයෙන් සිංහල රාවයේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ද අදහස් පළ කලා.