Thursday, May 16, 2024

General line - 0115112241

දිනකට හසුවෙන බීමත් රියදුරන් ගැන පොලිසියෙන් අනාවරණයක්

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න




ගත වූ දින 09 ක කාලය සැසදීමේදී දිනකට බීමත් රියදුරන් 319 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්වීමේ සම්භාවිතාවක් ඇතැයි පොලිසිය පවසනවා.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මාසයක මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 05වැනිදායි. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 2,875ක්. 

මෙලෙස අත්අඩංගුවට පත්වන රියදුරන්ට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැහැදිලි කළා. 

බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කරන පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

මගී ප‍්‍රවාහනයට සම්බන්ධ රියදුරෙකු බීමත්ව රිය පදවා වැරදිකරුවෙකු වූ විට ඔහුට රුපියල් 25,000 ත් - රුපියල් 30,000 ත් අතර දඩයකට හෝ මාස 06 කට නොවැඩි කාලයක් සඳහා සිර දඬුවමකට හෝ එම දඬුවම් 02 ටම යටත් කළ හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එමෙන්ම එවැනි රියදුරෙකුගේ රියදුරු බලපත‍්‍රය අවලංගු කිරීම ද සිදු වනවා.