Monday, May 6, 2024

General line - 0115112241

ගෝඨාගේ නඩුවෙන් චෝදනාවක් ඉවත් කෙරේ




ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කලේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී අද කැදවනු ලැබුවා. 

මෙම නඩුව පවරා ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිවයි. නඩුවට පෙනී සිටීම සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ද කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය වෙත අද පැමිණියා. නඩුවේ සාක්ෂි විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින අභියාචන පෙත්සමේ විමසීම් අවසන් වනතුරු සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) නියෝග කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා.

නඩුවේ සාක්ෂිකරුවන් පස්දෙනෙකු අද දින අධිකරනයේ පෙනී සිටි අතර ඔවුන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව මුදාහැරීමටයි අධිකරණය නියෝග කළා . මේ අතර මෙම නඩුවට අදාල අධිචෝදනා සම්බන්ධයෙන් සංශෝධනයක් නීතිපතිවරයා විසින් අධිකරණය විසින් ඉදිරිපත් කළ අතර එහිදී අධිචෝදනාවල තිබූ පස්වන චෝදනාව ඉවත් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

මෙම සංශෝධන සම්බන්ධයෙන් විත්ති පාර්ශවයේ ස්ථාවරය දැන ගැනීමට මෙම නඩුව අගොස්තු මස 30 දා කැදවීමටයි ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකණය නියෝග කළා.