Monday, May 6, 2024

General line - 0115112241

අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පථයන්හි වෙනස්කමක්




අමාත්‍ය පී හැරිසන් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරට අයත් අමාත්‍යංශ විෂය පථයන් හි සංශෝධනයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. 

ඒ අනුව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යටතේ තිබූ ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය ඇමති පී හැරිසන් යටතට පත්කර තිබෙනවා. එසේම අමාත්‍ය පී හැරිසන් යටතේ තිබූ පශු සම්පත් සංවර්ධන විෂය රංජිත් මද්දුම බණ්ඩාර යටතට පත්කර ඇත.