Monday, May 6, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවියේ වැසුනු පීඨය ලබන සදුදා යළි ඇරඹෙයි

හේරත් ඒකනායක - මහනුවර




පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය අධ්‍යයන කටයුතු සදහා ලබන සදුදා නැවත විවෘත කෙරෙනවා.

මේ හේතුවෙන් සියළුම කළමණාකරණ පීඨ සිසුන් ලබන ඉරිදා අදාළ නේවාසිකාගාරය වෙත පැමිණෙන ලෙසයි පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙන්නේ. එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වසා දැමුණේ ඉකුත් 19 වනදායි.